Home අද රනිල් හැර නායකත්වයක් මට පේන්නේ නෑ – අලි සබ්‍රි

රනිල් හැර නායකත්වයක් මට පේන්නේ නෑ – අලි සබ්‍රි

704
0

රට තුළ ඇති මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අතිගරු ජාධිපතිතුමන්ගේ විශිෂ්ඨ නායකත්වය මෙන්ම එතුමන්ගේ පුළුල් අවබෝධයක් ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

පෞද්ගලික නාලිකාවක දේශපාලනික වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් “මම සාමාන්‍යයෙන් කඳවුර අතහැරලා යන කෙනෙක් නෙමෙයි. නමුත් නායකත්වය හැටියට මට පේන්නේ නෑ වෙන කවුරුත්. මම එතුමා එක්ක වැඩකරලා නෑ. දිගින් දිගටම වැඩකරලා තියෙන්නේ එතුමාට විරුද්ධව. ප්‍රථම වතාවට තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ක වැඩකරන්නේ. වැඩකරද්දි මට පේනවා අපි තුළ එතුමා ගැන තිබුණේ වැරදි අවබෝධයක්.”

මේ දිනවල ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉතාම ප්‍රසාදයෙන් කතා කිරීම හේතුවෙන් ජනාධිපති තුමන් සමඟ එකතුව ඉදිරියේදී දේශපාලනය කිරීමට බලාපොරොත්තු වන්නේද යන්න විමසීමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

 

Previous articleනුවරඑළියේ උස ගොඩනැගිලි සීමා කරයි – සෞම්‍ය පරිසරයක් සමගින්  නගරය සංවර්ධනය කරන්න යයි
Next articleසරසවි ඇදුරන් වර්ජනය තාවකාලිකව අත්හරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here