Home අද රනිල් වික්‍රමසිංහ නූගතෙක් නෙවෙයි – ඒ නිසා නිලධාරීන්ට ඔහුව අල්ලේ නටවන්න බැහැ

රනිල් වික්‍රමසිංහ නූගතෙක් නෙවෙයි – ඒ නිසා නිලධාරීන්ට ඔහුව අල්ලේ නටවන්න බැහැ

532
0

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නූගත් පුද්ගලයෙක් නොවන නිසා නිලධාරීනට ඔහු අල්ලේ නැටවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිරස ටීවී නිලිකාවේ ඉලක්කය වැඩසටහනට සහභාගී වෙමින් පැවසීය.

ඔහු දේශපාලනය ආර්ථිකය මෙන්ම ජාත්‍යන්තරය පිළිබඳව ද පරිපුර්ණ දැනුමකින් යුතු අයෙක් බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

එහිදී ඇතිවුයේ මෙවැනි සංවාදයකි.

පා.ම පාඨලී චම්පික රණවක  –    2022 රටේ තිබුණු තත්වය අද නැහැ. පහළ මට්ටමේ ස්ථාවරත්වයක් ළගාකර‌ගෙන තිබෙන්නේ . ඒක ඇත්ත. 2022 තිබුණේ පෙට්‍රල් පොලීම් , පෙට්‍රල් පොලීම් වල මිනිස්සු මැරීම් , ගෙවල් වල ගෑස් පිපිරීම් , ලයිට් කැපිලි   , රැකියා අහිමිවීම්  , පොහොර නැතිව කුඹුරු විනාශවිම් මෙවැනි බොහොමයක් තාවකාලිකව විසඳිලා තිබෙනවා.

නිවේදක –  සාර්ව ලෙස මේරට දිහා බැලුවිට ජනාධිපතිවරයා කියනවා 2048 අපි සංවර්ධිත රටක් බවට පත්විය යුතුයි කියලා. 18 වැනි IMF ණය අපි නොගත යුතුයි කියලා ජනාධිපතිවරයා කියනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට දැක්මක් රාජත්‍රාන්ත්‍රික බවක් පෙනෙන් තිබෙනවා. ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කරන්න රනිල් ට අවස්ථාවක් ඉතිහාසයේදී ලැබුණේ නැහැ. අද ඔහුට එය ලැබිලා තිබෙනවා. ඔහු රට ආර්ථිකමය වශයෙන් සහ නීතිමය වශයෙන් රටේ සිස්ටම් ටික හදලා මැතිවරණයකට යයිද? ඔබේ කියවීම කුමක්ද?

පා.ම පාඨලී චම්පික රණවක  –   රනිල් වික්‍රමසිංහ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයලා වගේ නෙවෙයි.  මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බැසිල් රාජපක්ෂ මහත්මයාලට තිබුණු ආවේණික දුර්වලකම තමයි නූගත්කම.  ඒවගේම ලෝකයේ මෙම ක්‍රියාවලීන් පිළිබඳව තිබෙන නොදැනුවත්භාවය. මේ නිසාම ඔවුව නටවන්න ඔවුන්වටා හිටපු ඔය පී.බී. ජයසුන්දර , අජිත් කබ්රාල් වැනි නිලධාරීන් තුන්හතරදෙනෙකුට පුළුවන් වුනා. රනිල් වික්‍රමසිංහ මහත්මයා එහෙම කෙනෙක් නෙවෙයි. ඔහුට මේ වාද විවාද පිළිබඳව මේ දේශපාලන කරුණු පිළිබඳව ආර්ථික න්‍යායන් පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙනවා. ඒනිසා ඔහු ඔය නිලධාරීන්ට පහසුවෙන් නටවන්න පුළුවන් චරිතයක්නම් නෙවෙයි.

 

Previous articleරුසියානු සංගීතඥ සෙර්ගෙයි ගුණසමරුව වෙනුවෙන් සංගීත සන්ධ්‍යාවක්
Next articleවෛද්‍ය සංගම් අලුත් සුව ඇමතියෙක් ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here