Home අද වෛද්‍ය සංගම් අලුත් සුව ඇමතියෙක් ඉල්ලයි

වෛද්‍ය සංගම් අලුත් සුව ඇමතියෙක් ඉල්ලයි

778
0

සෞඛ්‍ය අමාත්‍යංශයේ කළමනාකරණ යාන්ත්‍රණය පෞද්ගලිකරණය විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන දේශපාලන නායකත්වය වහා වෙනස් විය යුතු බවත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමිල් සංජීව මහතා මේ බව කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය චමිල් සංජීව මහතා කියා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිඝනක තාක්ෂණ ඒකකයේ ඖෂධ සම්බන්ධ පරිඝනක ඒකකය මඟින් ලබාදුන් පිටු 77ක පරිඝනක වාර්තාව කූට ලේඛනයක් සකසා පිටු 78ක් සෞඛ්‍ය අමාත්‍යවරයාට හා කැබිනට් මණ්ඩලයට ලබාදී ඇති බවයි.

එම කූට ලේඛනය සකසා සෞඛ්‍ය අමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇති නිලධාරියාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වරයා මේ දක්වා කිසිඳු විනය පියවරක් ගෙන නොමැති බවත් ඔහුට ඒ සඳහා හැකියාවක් නොමැති බවත් ඒ මහතා කියා සිටිනවා.

මිලියන 700ක ඇස්තමේන්තුවකට කිසිඳු අන්තර්ජාතික සටහනක් නොමැති සමාගමකට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා අලුත් පරිඝනක පද්ධතියක් ස්ථාපිත කිරීමට ටෙන්ඩරය ලබාදී ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අනාවරණය කරනු ලැබුවා.

ඉකුත්දා පැවති රුපවාහිනී වැඩසටහනකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉවත් කළ බවට තහවුරු කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ සැපයුම් ඒකකයේ තොරතුරු තාක්ෂණ පද්ධතිය මේ දක්වාද භාවිතා කරන බවයි.

මෙයාකාරයෙන් ඖෂධ සැපයුම් තොරතුරු තාක්ෂණ පද්ධති ව්‍යාකූල වන්නේ අපරටේ සිදු වූ මිලියන බිලියන ගණනක ඖෂධ මිලදී ගැනීම සම්බන්ධ තොරතුරු අරමුණෙන්ද යන්න සැක සහිත බව සඳහන් කරන ඒ මහතා කියා සිටින්නේ පෞද්ගලීකරණය සිදු කරන්නේනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ යාන්ත්‍රණය පෞද්ගලිකරණය වියුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන දේශපාලන නායකත්වය වෙනුවට ශක්තිමත් නායකත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වහා වෙනස්විය යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

Previous articleරනිල් වික්‍රමසිංහ නූගතෙක් නෙවෙයි – ඒ නිසා නිලධාරීන්ට ඔහුව අල්ලේ නටවන්න බැහැ
Next articleලංගමටත් QR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here