Home අද විපක්ෂය කකුලෙන් අදිනකොට ජනපති ගහපු GAME එක ගැන සතුටුයි – වෙල්ගම

විපක්ෂය කකුලෙන් අදිනකොට ජනපති ගහපු GAME එක ගැන සතුටුයි – වෙල්ගම

586
0

රට බංකොලොත් තත්වයකට පත්ව තිබියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අප්‍රතිහත කැපවීම මත ලබාගත් IMF ණය පහසුකම සම්බන්ධයෙන් හදවතින්ම ස්තුතිවන්ත වන අතර විපක්ෂයක් ලෙස සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ කාර්ය මණ්ඩලය වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

රට වැටී ඇති මොහොතක ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙලට සිය සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.

විපක්ෂය විසින් නොයෙකුත් තර්ක ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට IMF ණය පහසුකම ලබාගැනීමට නොහැකි බව පවසමින් එය අසාර්ථක කිරීමට කටයුතු අකාරය පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වා සිටියා.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා IMF ණය පහසුකම ලබාගැනීමට කටයුතු කළ බවත් එවන් තත්වයක් තුලදී එම මුදල් රට වැටී ඇති තත්වයෙන් ගොඩගැනීම සඳහාත් අනාගත දරු පරපුර වෙනුවෙන් යෙදවීමට කටයුතු කිරීමට විපක්ෂයේ සහය ලබාදිය යුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියා.

වෙල්ගම මහතා කළ කතාව මෙතැනින්

Previous article‘මම වැටුනත් රට වට්ටන්නෙ නෑ’ – IMF කාර්ය මණ්ඩල වාර්තාව සභාගත කරමින් ජනපති කියයි
Next articleරටක් විදියටත් විපක්ෂයක් විදියටත් අපි ජනපතිට ගරු කල යුතුයි – හිරුණිකා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here