Home අද පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන දැනන් හිටියේ නෑ කියපු මෛත්‍රීට ගෙවන්න වුන...

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන දැනන් හිටියේ නෑ කියපු මෛත්‍රීට ගෙවන්න වුන වන්දිය

564
0

බුද්ධි තොරතුරු තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු 5 දෙනෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා, මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමේ වරදට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක්, ජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75ක්, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර⁣ට මිලියන 75ක්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මිලියන 50ක් සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක් ලෙස පෞද්ගලික මුදලින් වන්දි ලෙස වින්දිතයන්ට ගෙවීමට නියෝග කර තිබෙනවා.

මෙම තීන්දුව ලබාදීමට පෙර අවස්ථා කිහිපයකදී හිටපු ජනාධිපතිවරයා තමන් මේ පිළිබඳව දැනුවත්ව නොසිටි බවත් එම නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ චෝදනා වලින් තමන්ව නිදහස් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. නමුත් ප්‍රහාරය සිද්ධ වන විට ආරක්ෂක අමාත්‍යවරයා සේනාධිනායකයා ලෙසද කටයුතු කළේ ඔහුයි

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට තීන්දුව ලබාදෙමින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

අද මෙම තීන්දුව දැක බලා ගැනීමට කතෝලික පූජක තුමන්ලා, පස්කු ප්‍රහාරයෙන් හානියට පත් පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටියා.

Previous articleකන්න නැතත් ඡන්ද ඉල්ලන වල්බූරු දේශපාලනය
Next articleඡන්දෙ තියන්නම ඕනෙනම් සල්ලි දෙන්න වෙන්නේ ටික ටික – මහභාණ්ඩාගාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here