Home අද ඡන්දෙ තියන්නම ඕනෙනම් සල්ලි දෙන්න වෙන්නේ ටික ටික – මහභාණ්ඩාගාරය

ඡන්දෙ තියන්නම ඕනෙනම් සල්ලි දෙන්න වෙන්නේ ටික ටික – මහභාණ්ඩාගාරය

654
0

පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ පවත්වන්නේ නම් මැතිවරණ කොමිසම ඉල්ලන මුදල දිය හැක්කේ එකවර නොව කොටස් වශයෙන් යැයි මහභාණ්ඩාගාර නිලධාරීහු මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසමේ සාමජිකයන් හා නිලධාරීන් මුණ ගැසුණු අවස්ථාවේදී මහභාණ්ඩාගාර නිලධාරීන් ඉහත දැනුම් දීම කර තිබෙනවා.

මැතිවරණ කොමිසම කළ කැඳවීමකට අනුව භාණ්ඩාගාර නිලධාරින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඇතුළු එහි සාමාජික මණ්ඩලයත්, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක ඇතුළු නිලධාරී කණ්ඩායමත් මුණ ගැසී තිබෙනවා.

එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයිය හැකි ආකාරය ගැන විමසා ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් පවතින මූල්‍ය දුෂ්කරතා ගැන මැතිවරණ කොමිසමට පූර්ණ විග්‍රහයක් කර තිබේ.

Previous articleපාස්කු ඉරිදා ප්‍රහාරය ගැන දැනන් හිටියේ නෑ කියපු මෛත්‍රීට ගෙවන්න වුන වන්දිය
Next articleඡන්දයට ප්‍රධාන පක්ෂ තුනට මිලියන 72000 ක් විදයම් කරන්න වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here