Home අද චීනයෙන් සහ ඉන්දියාවෙන් කළ ඉල්ලීමක් ගැන මහ බැංකු අධිපති කී කතාව

චීනයෙන් සහ ඉන්දියාවෙන් කළ ඉල්ලීමක් ගැන මහ බැංකු අධිපති කී කතාව

552
0

කඩිනමින් මෙරටට ණය සහනයක් ලබා දීමට එකඟ වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබේ.

බීබීසී නිව්ස්නයිට් වැඩසටහන සමග එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව ප්‍රකාශ කර ඇති අතර කඩිනමින් ක්‍රියා කිරීම සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතාව බව ඔහු එහිදී සඳහන් කර ඇත.

මේ වන විට ණය ආපසු ගෙවීම පැහැර හැර ඇති ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතිකා කර තිබේ.

එහෙත්, ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමි රටවල් අතර ප්‍රමුඛස්ථානයේ පසු වන චීනය සහ ඉන්දියාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පළමුව එකඟ වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම මුදල් නිදහස් නොකරනු ඇත.

බීබීසී සම්මුඛ සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, “ඔවුන් ඉක්මනින් ම මූල්‍ය සහතික ලබා දීම, ණය හිමියෙකු ලෙස ත්, ණය ගැතියෙකු ලෙස ත් දෙපාර්ශවයට ම යහපත් වේවි,” යනුවෙනි.

“ඒක ඔවුන්ගේ ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට අපට උපකාරී වේවි,” ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, “අපිට මේ වගේ තත්ත්වයක ඉන්න ඕනේ නෑ, දිගු කාලයක් ණය නොගෙවා ඉන්න. ඒක අපිටත්, රටටත් හොඳ නැහැ. ඒක ශ්‍රී ලංකාව ගැන ආයෝජකයින්ට ඇති විශ්වාසයටත් හොඳ නැහැ,”

2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 9.2%කින් හැකිලී ගිය අතර එය මේ වසරේ තවත් 4.2%කින් හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත.

 

Previous articleඡන්දයට ප්‍රධාන පක්ෂ තුනට මිලියන 72000 ක් විදයම් කරන්න වෙයි
Next articleරටේ ආර්ථිකය නිවැරදි දිශාවකට ගෙන ඒමේ මාවත මෙම වසරේ අපට විවෘතයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here