Home අද සජිත් PANIC වෙලා – අනුර

සජිත් PANIC වෙලා – අනුර

717
0

සමගි ජන බලවේගයේ නායකයාගේ සිට පහළට සියලුමදෙනාම සංත්‍රාසයට පත්ව කරනු ලබන ප්‍රකාශ එතරම් ගණන් ගතයුතු නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ඉතිහාසයේ සිදු වූ පරිදි කනුව දිගේ පැමිණ ඔටුන්න තම හිස මතට ලැබේවි යැයි බලාපොරොත්තුවෙන් සිටි එම නායකන් තත්වය වෙනස් වී ඇති හෙයින් සංත්‍රාසයට පත්ව ඇති බව මෙහිදී ඒ මහතා කියා සිටියා.

බෞද්ධ ආගම පිළිබඳවත් බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳවත් දේශපාලන පක්ෂයක් ලෙස තම පක්ෂයට මනා අවබෝධයක් ඇති බව කියා සිටි අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුව සහ මේ වනවිට සංත්‍රාසයට පත්ව සිටින සමගි ජන බලවේගයේ නායකයින් සේපාල අමරසිංහ නමැති පුද්ගලයාව තම පක්ෂයට සම්බන්ධ කිරීමට ගනු ලබන උත්සාහය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දක්වනු ලැබුවා.

ඕනෑම ආගමක දර්ශනය පිළිබඳව විවාද කළ හැකි වුවත් ඒ ආගමේ ගෞරවයට පාත්‍ර වී ඇති ස්ථාන ග්‍රන්ථ වැනි දෑ පුළුස්සා දැමීම, ඒවාට අපහාස කිරීම වැනි ක්‍රියාකාරකම් සමාජ කැළඹීම් ඇති කිරීමට කරනු ලබන කුමන්ත්‍රණ බවත් ඒවාට විරුද්ධව සිය පක්ෂය ක්‍රියාත්මක වන බවත් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

අනුර කුමාර දිසානායක මහතා දැක්වූ අදහස් මෙතැනින්

Previous articleමැතිවරණ කොමිසම මත හතරක, එක මතයකට එන්නැයි ජනපති කියයි
Next articleලංකාවේ ණය කපා හරින්න – ලෝකෙම ආර්ථික විද්වතුන් 180 ක් ‌ලංකාව වෙනුවෙන් ලෝකයෙන් ඉ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here