Home අද ‘විරුවෙක් ගෙනත් කෙළව ගත්ත අපිට තවත් වඳුරෙක් එපා’ – නීතිඥ හර්ෂණ

‘විරුවෙක් ගෙනත් කෙළව ගත්ත අපිට තවත් වඳුරෙක් එපා’ – නීතිඥ හර්ෂණ

766
0

විරුවෙක් පත්කරගනිමින් රට අද තිබෙන තත්වයට පත්කර ගත් අපට තවත් වඳුරෙක් බලයට පත්කරගැනීමට අවශ්‍ය නැති බව ජාතික ජන බලවේගයේ නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

ජාතික ජන බලවේගයේ කලාවැව ආසන සමුළුව අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ඒ දණ්ඩේ යාම, ගස් නැගීම, නැටුම් ඉදිරිපත් කිරීම වැනි කටයුතු සර්කස් එකක සිටින චිම්පන්සියකුට පවා කළ හැකි බව සඳහන් කළ ඒ මහතා එය රාජ්‍ය පාලනයට සුදුසුකමක් ලෙස ගත නොහැකි බවද කියා සිටියා.

ප්‍රේමදාසලාගේ සහ රාජපක්ෂලාගේ සමානකම් රාශියක් ඇති බව මෙහිදී සඳහන් කළ නානායක්කාර . රට හදන හැටි ගැන විවාදයකට පැමිණෙන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අභියෝග කරනු ලැබුවා.

යාලුවන්ගේ සල්ලිවලින් බස් බෙදමින් යන්නේ තමන්ගේ අම්මව තමන්ගේ සල්ලිවලින් බලාගන්න බැරි පුතෙක් බවටද වැඩි දුරටත් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නීතිඥ හර්ෂණ නානායක්කාර කියා සිටියා.

ඒ මහතා දැක්වූ අදහස් මෙතැනින්

 

Previous articleඡන්ද පැවැත්වීම අර්බුදයක – කොමිසමේ බෙදීමක්?
Next article බස් ගාස්තු අඩුකරන්න නොදෙන මාෆියාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here