Home අද  බස් ගාස්තු අඩුකරන්න නොදෙන මාෆියාව

 බස් ගාස්තු අඩුකරන්න නොදෙන මාෆියාව

537
0

ඉන්ධන මිල අඩු කිරීමත් උද්දමනය ක්‍රමයෙන් පහළ යාමත් හේතුකොටගෙන මේවනවිට ක්ෂේත්‍ර කිහිපයක මිල අඩුකිරීම් සිදුවිය. මගී ජනතාවටද ඉන්ධන මිල අඩුවීමේ සහනය ලබාදිය යුතු උවද බස් ගාස්තු අඩුකිරීමට පෞද්ගලික බස් හිමියෝ සූදානම් නැත. ඔවුන් එයට දැඩි විරෝධයක් දක්වමින් සිටිති.

මිල අඩුකළ දේවල්‍

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201 කින් පහළ දමා තිබේ.  එමෙන්ම  කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් මිල පහළ දමා තිබේ.

එමෙන්ම අද සිට ක්‍රියාත්මක වන ආකාරයට අධිවේගී මාර්ග බස් ගාස්තු ද අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින්  පියවර ගෙන තිබුණි.

අඩු නොකරන බස් ගාස්තු

කෙසේ උවද බස් ගස්තු අඩුකර සහන ලබාදීමට පෞද්ගලික බස් හිමියෝ දැඩි ලෙස විරෝධය දක්වමින් සිටින අතර ගමනාගමන කොමිෂන් සභාවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැත. බස් මාෆියාවට හසු නොවී මෙවන් දුෂ්කර මොහොතක ජනතාව වෙනුවෙන් රජය පියවර ගනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් සිටියි.

මේ සම්බන්ධයෙන් ජනතාවගේ අදහස්

Previous article‘විරුවෙක් ගෙනත් කෙළව ගත්ත අපිට තවත් වඳුරෙක් එපා’ – නීතිඥ හර්ෂණ
Next articleමැතිවරණ කොමිසම මත හතරක, එක මතයකට එන්නැයි ජනපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here