Home අද රට ක්‍රමයෙන් යහපත් අතට හැරෙනවා -අපි හැමෝම වැඩියෙන්ම වැඩ කළ යුතු වර්ෂයක්

රට ක්‍රමයෙන් යහපත් අතට හැරෙනවා -අපි හැමෝම වැඩියෙන්ම වැඩ කළ යුතු වර්ෂයක්

798
0

රට සම්පුර්ණයෙන්ම සාමාන්‍ය තත්වයකට පත්කිරීමට සියලුදෙනා වැඩියෙන්ම වැඩ කළ යුතු වර්ෂය 2023 වර්ෂය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නව වසරේ වැඩ ආරම්භකමින් ජනාධිපති කාර්යාලයේ සේවකයින් අමතමින් අද(02දා) උදෑසන ජනාධිපතිවරයා මේබව කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේද පැවසීය,

“මාස 05 ක් තුළ රට සාමාන්‍ය බවට හරවන්න අපි පියවර ගත්තා. 2023 වර්ෂය තමා වැදගත්ම වර්ෂය. රට ණය උගුලෙන් බේරාගෙන ණය ප්‍රතිව්‍යුහ ගතකරලා වැඩ කරන්න තියෙන්නේ මේ වර්ෂයේ. ඒ් වගේම රටේ මුලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න හැමෝම බැදලා ඉන්නවා. ආණ්ඩුව ඒක ප්‍රතිපතිත් මාළාවකට අනුව කටයුතු කරන්නේ. ඒ්ව‌ගේම මම කියන්න කැමතියි තමන්ගේ වැඩ දවසේ පැය 08  ට සතියේ දවස් 05 ට සීමා වෙන්නේ නැහැ. අපි සියලු දෙනා කැපවෙලා වැඩ කරමු.  2023 වනවිට රට සාමාන්‍ය තත්වයක් බවට පත්කරමු.” යැයි ජනාධිපතිවරයා පැවසීය.

 

Previous article සජිත්ගෙන් තවත් බාල්දියක්
Next articleෆොන්සේකාගෙන් සජිත් ට දරුණු ප්‍රහාරයක් – බස් එළවන එක රටේ ජනාධිපතිවීමට සුදුසුකමක් නෙවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here