Home අද  සජිත්ගෙන් තවත් බාල්දියක්

 සජිත්ගෙන් තවත් බාල්දියක්

717
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බාධාකිරීම් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සාමාජිකයින් පත්කිරිම කල්දැමීට සිදුව ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සාමාජිකයින් පත්කිරීම අග්‍රාමාත්‍යවරයා කතානාකවරයා සහ විපක්ෂ නායකවරයාගේ ඒකඟතාවයෙනි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 10 කි. එයින් සිවිල් සාමාජිකයින් සංඛ්‍යායාව 03 කි.  සිවිල් සාමාජිකයින් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඊයේ(29දා) පාර්ලිමේන්තු සංකීරණයේදී සාකච්ඡාවක් පැවති නමුත් එයද එකඟතාවයකින් තොරව අවසන්වී ඇත.

මේවනවිට මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අවසන්වී ඇති අතර ඒ් සඳහා සාමාජිකයින් පත්කිරීමටනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විය යුතුය. මැතිවරණ කොමිසමට නව සාමාජිකයින් පත්කිරීමට සමගි ජනබලවේගය විරුද්ධ වීම හේතුවෙන් විපක්ෂ නායකවරයා මේ සඳහා ඒකඟතාවය ලබානොදී ඇත.

 

Previous articleජනතාවගේ මැදිහත්වීමෙන් හොරු අල්ලයි
Next articleරට ක්‍රමයෙන් යහපත් අතට හැරෙනවා -අපි හැමෝම වැඩියෙන්ම වැඩ කළ යුතු වර්ෂයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here