Home අද ජනතාවගේ මැදිහත්වීමෙන් හොරු අල්ලයි

ජනතාවගේ මැදිහත්වීමෙන් හොරු අල්ලයි

659
0

බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා මූල සංවිධානයේ ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ කළ පිරිසක් හසුකරගැනීමට ජනතාවගේ මැදහත්වීම හේතුවෙන් හැකිවී තිබේ.

ඒ් අනුව ඒම සොරකමට සම්බන්ධ බව කියන  බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ජල සංචිතයට අයත් බට කෑලිවලට කපා වාරියපොළ ප්‍රදේශයේ ලොරි රථයකට පටවමින් සිටියදී ප්‍රදේශවාසීන්ට ලැබුණු තොරතුරක් මත පොලිසිය දැනුම්වත් කර ඇත.

ඒපිළිබඳව සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙමබට තොගය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ සහෝදරයකුගේ නිවෙසට ගොඩ ගසා තිබූ ඒවා බව ද  ප්‍රජා සංවිධානයට නොදන්වා ඒම බට විකුණා ඇති බවය. මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුව ගෙන ඇත.

බෙලිඅත්ත මාහීල්ල ප්‍රදේශයේ ජනතාවගේ මැදිහත්වීම හේතුවෙන් සිදුවීමට ගිය වංචාව නතර කරගැනීමට හැකියාව ලැබුණි.

මහජන බදු මුදල් මගින් සිදුකරන මෙවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය අඩුවෙන් යොමුවන තාක් මෙවැනි දුෂිණ වංචා කටයුතු සිදුවන අතර මෙවැනි කටයුතු වෙනුවෙන් ප්‍රජා දායකත්වය ලබාදීම ඉතා වැදගත්වේ.

අරගලය සිදුකරමින් ජනතාව ඉල්ලා සිටියේද ප්‍රාජා දායකත්වය ලබාදීම අවශ්‍ය බවය. ඒ් වෙනුවෙන් බෙලිඅත්ත මාහීල්ල ප්‍රදේශයේ ජනතාව රටටම පණිවුඩයක් ලබාදී තිබේ.

Previous articleදැගලුවාට වැඩක් නැහැ – පක්ෂය තියෙන්නේ අපේ අතේ
Next article සජිත්ගෙන් තවත් බාල්දියක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here