Home අද මන්ත්‍රී නිල නිවාස වලට 80ක් පෝලිමේ – මාලිමාවෙන් 60කට ආසන්න අයඳුම් පත්

මන්ත්‍රී නිල නිවාස වලට 80ක් පෝලිමේ – මාලිමාවෙන් 60කට ආසන්න අයඳුම් පත්

135
0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසා තිබේ.

මින් හැටකට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බව එම නිලධාරියා සඳහන් කළ බව “ලංකාදීප” වාර්තා කර තිබෙනවා.

මේ අතර හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී තවමත් රැඳී සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉතා ඉක්මනින් එම නිවාසවලින් ඉවත්ව යන බවට හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනා දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ අතර නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීම ලබන මස 03 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත තමන්ටම නිවාස නොමැති දුරබැහැර පළාත්වල මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට අවස්ථාව උදාවේ.

නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල කරගෙන යයි. මේ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේද සහාය ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් 110කට පමණ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීමට නියමිතය.

Previous articleඅයහපත් කාලගුණයෙන් තවත් විභාග දෙකක් කල් දැමේ
Next articleවිදුලි සැර වැදී “දීඝදන්තු 1” අවසන් ගමන් යයි (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here