Site icon Newshub

ජනතාවගේ මැදිහත්වීමෙන් හොරු අල්ලයි

බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා මූල සංවිධානයේ ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ කළ පිරිසක් හසුකරගැනීමට ජනතාවගේ මැදහත්වීම හේතුවෙන් හැකිවී තිබේ.

ඒ් අනුව ඒම සොරකමට සම්බන්ධ බව කියන  බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ජල සංචිතයට අයත් බට කෑලිවලට කපා වාරියපොළ ප්‍රදේශයේ ලොරි රථයකට පටවමින් සිටියදී ප්‍රදේශවාසීන්ට ලැබුණු තොරතුරක් මත පොලිසිය දැනුම්වත් කර ඇත.

ඒපිළිබඳව සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙමබට තොගය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ සහෝදරයකුගේ නිවෙසට ගොඩ ගසා තිබූ ඒවා බව ද  ප්‍රජා සංවිධානයට නොදන්වා ඒම බට විකුණා ඇති බවය. මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුව ගෙන ඇත.

බෙලිඅත්ත මාහීල්ල ප්‍රදේශයේ ජනතාවගේ මැදිහත්වීම හේතුවෙන් සිදුවීමට ගිය වංචාව නතර කරගැනීමට හැකියාව ලැබුණි.

මහජන බදු මුදල් මගින් සිදුකරන මෙවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය අඩුවෙන් යොමුවන තාක් මෙවැනි දුෂිණ වංචා කටයුතු සිදුවන අතර මෙවැනි කටයුතු වෙනුවෙන් ප්‍රජා දායකත්වය ලබාදීම ඉතා වැදගත්වේ.

අරගලය සිදුකරමින් ජනතාව ඉල්ලා සිටියේද ප්‍රාජා දායකත්වය ලබාදීම අවශ්‍ය බවය. ඒ් වෙනුවෙන් බෙලිඅත්ත මාහීල්ල ප්‍රදේශයේ ජනතාව රටටම පණිවුඩයක් ලබාදී තිබේ.

Exit mobile version