Home අද මත්ද්‍රව්‍ය මැඩලීමේ රජයේ විශේෂ මෙහෙයුමක්

මත්ද්‍රව්‍ය මැඩලීමේ රජයේ විශේෂ මෙහෙයුමක්

552
0

පාසල් සිසුන් ඇතුලු තරුණ ප්‍රජාව විවිධ මත්ද්‍රව්‍ය සඳහා ගොදුරුවීමෙන් වළක්වාගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය  සැලසුම්කර තිබේ.

ඒ යටතේ පාසල් තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වළක්වාගැනීම සඳහා දිවයිනේ විවිධ පෙදෙස්වල පාසල් සෝදිසි කිරීමේ මෙහෙයුම් දැනටමත් ආරම්භකර ඇති අතර ඒවා මේදිනවල විවිධ දිස්ත්‍රික්ක වල  ක්‍රියාත්මක වේ.

මාර්ග පරීක්ෂා

ඊට අමතරව විශේෂ පොලිස් මෙහෙයුම් එක්ක මේ සඳහා යොදවා ඇති අතර එමගින් මාර්ග වල ධාවනය වන වාහන සම්බන්ධ සෝදිසි කිරීම් සිදුවේ. බස්නාහිර පළාත තුළ එවැනි මෙහෙයුම් කිහිපයක් මේවනවිට සිදුකළ බව පොලීසියය සඳහන් කළේය.

විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම්

මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුම් සිදුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කාර්ය බලකායට බලය පැවරූ අතර මේවනවිට විශේෂ කාර්ය බලකාය වෙනම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව නිවාස පරීක්ෂාව සහ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මේ යටතේ සිදුවේ

ජනවාරි සිට විශේෂ වැඩපිළිවෙලක්

අධ්‍යාපන පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය මැඩලීමට ජනවාරී සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයත්ත මහතා සඳහන් කළේය,

මේ ගැන හංගන්න දෙයක් නැහැ. අපි නිකන් හිටියේ නැහැ.. දැන් මාසෙකට දෙකකට කලින් ඉඳන් කොළඹ කලාපය මුල් කරගෙන වැඩසටහනක් හැදුවා. දැන් අපි ඒක පුළුල් කරනවා මුළු දිවයිනටම. ජනවාරි සිට පටන් ගන්නවා. මීට මාසයකට විතර කලින් අයිස් මත්ද්‍රව්‍ය නිසා පුනුරුත්ථාපනය සඳහා 81 දෙනෙක් යවලා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වීඩියෝව…

 

රේගුව මගින් පරීක්ෂා කිරීම්

මීට අමතරව සාමාන්‍ය පරිදි සිදුකළ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් එලෙස ක්‍රියාත්මක වන අතර ඒ යටතේ රේගුවද එම කටයුතු සිදුකරමින් පවතී.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේස් රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන විවිධ ක්‍රමපිළිබඳව සොයාබලා අවශ්‍ය පියවරගැනීමට මේවනවිට රේගුව ඇතුළු විශේෂ කණ්ඩායම් යෙදවීමටද රජය කටයුතු කර ඇත.

වැටලීම් සිදුකිරීම

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් 2022 මේ වසර තුළ දී හෙරෝයින් කිලෝ ග්රෑම් 1,425 ක් , ගංජා කිලෝ ග්රෑම් 11,665 ක් කොකේන් කිලෝ ග්රූම් 371 ක් හෂීස් කිලෝ ග්රූම් 40 ක්   අයිස් කිලෝ ග්රූම් 107 ක් සහ මත්පෙත් 97,828 කරල් 21,023  අත්අඩංගුවට ගෙන ඇත.

නීති සංශෝධන

මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති සංශේධන කිහිපයක් වත්මන් රජය විසින් මෑතකාලයේදී සිදුකළ අතර ඒ අනුව විෂ වර්ග අභිං සහ අන්තරරායකාර ඖෂධ පනත සංශෝධනය කර “අයිස්” ඇතුළු මත්ද්‍රව්‍ය 161 න් මෙලෙස ඇතුළත් කිරිම සිදුවිය.

ඒනඅවු අයිස්, හෙරෝයීන්, කංසා ඇතුළු මත්ද්‍රව්‍ය ග්රූම් 05 වඩා ලඟතබා ගැනීම මරණ දණ්ඩණය හිමිවන වරදක් බවටද පත්කර තිබේ.එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය ලෙස භාවිත කරන ඖෂධ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමද රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

සෞඛ්‍ය හානී

මත්ද්‍රව්‍ය සියල්ල ශරීරයට අහිතකර වන අතර සමාජයටද හානී පමුණුවයි. වර්තමානයේ පාසල් සිසුන් ගොදුරුකරගන්නා අයිස් මත්ද්‍රව්‍ය භාවිතය තුළින් මතකය අඩුවීම , මෙලේ ශෛල විනාශ කිරීම,  නින්ද නොයෑම , විවිධ රෝග වලට ගොදුරුවීමේ අවධානම වැඩිවීම, මුඛය තුවාල වීම,  අධික ලෙස කෙට්ටුවීම , ලේ හිඟවීම ආදී අවධානම් රුසකට මුහුණ දීමට සිදුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

මෙම මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවෙකුගේ ජීවත්වීමේ කාල සීමාව වරස දෙකකට තරම් කෙටි කාලයක් වන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරති.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවු පාසල් දරුවන්ගේ තත්වය

Previous articleකුසගින්නට පක්ෂ, පාට බේදයක් නෑ – ජනපති
Next articleසංක්‍රාන්ත්‍රික ලිංගික ප්‍රජාවගේ (LGBTQ) අයිතිවාසිම් ආරක්ෂා කරන්න නීති ගේනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here