ලංකාවේ අපනයන ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා සිටියි.
ඔවුන් පෙන්වා දෙන්නේ, මේ වනවිට දින 90 කට කල් දමා ඇති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවන ලද තීරු බද්දෙහි සැබෑ අනුපාතය සියයට 44 ක් නොව, සියයට 54 ක් බවත්, මේ හමුවේ ආර්ථිකය බරපතළ අවධානමේ පසුවන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානයක සියළු වැඩ පසෙක තබා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කැපවී සිටින අතර අමාත්‍ය මණ්ඩලයම රිලවු ගනිමින් සිරින අතරේ අනෙක් රටවල් මතුව ඇති ගෝලීය වෙළෙඳ යුද්ධයේ හානි අවම කර ගැනීමට යොමුව ඇති බවද ඔවුන් පෙන්වාදී සිටියි.
ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබූ සියයට 10 ක මූලික බද්දට අමතරව නව බදු අනුපාතය ක්‍රියාත්මක වන බැවින් සමස්ත බදු අනුපාතය සියයට 54 ක් බවට පත්ව ඇති බවද ඔවුන් අවධාරණය කර සිටියි.
මෙකී අර්බුදයෙන් සහනයක් ගැනීමට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයකු ඇමරිකාවට පිටත්කර ඇති බවට ආණ්ඩුව වෙතින් ප්‍රකාශ වූවත්, අවධානම කළමනාකරණය කර ගැනීමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ මතය වී තිබේ.