Home අද අනේ හපොයි ! අනුරාණ්ඩුවට සජිතුත් පචයා කියයි : අලුත් පරණ පච මලුත්...

අනේ හපොයි ! අනුරාණ්ඩුවට සජිතුත් පචයා කියයි : අලුත් පරණ පච මලුත් පෙළට දිගහරියි !

124
0

දේශපාලන ක්ෂේත්‍රය තුළ ධනවාදය, සමාජවාදය, කොමියුනිස්ට්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් විවිධ න්‍යායන් තිබුණත් ඒ අතරට එක්වූ අලුත්ම න්‍යාය වන්නේ මුසාවාදය හා පචවාදය බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව ජනාධිපතිවරණයේ දී මහමැතිවරණයේ දී බොරු පච කියමින් දැන් අලුත් පචද කියමින් ටොම් පච දෙසන ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් බොරුකාර වංචාකාර රැවටිලිකාර ජනතාව අන්දවන රටේ ජනතාව අනාථ කර ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු එළියට දානවා කිව්වත් කොමිෂන් සභා වාර්තාව පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බවත් එදත් පාස්කු ප්‍රහාරය ගැන පච කියූ මේ ආණ්ඩුව අදත් පාස්කු ප්‍රහාරය ගැන පච කියමින් ජනතාව රවටන බවත් විපක්ෂනායකවරයා චෝදනා කළේය .

විපක්ෂ නායක මේ බව කියා සිටියේ ඊයේ ( 21) තිස්සමහාරාමයේ ආසනයේ, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

ආණ්ඩුවේ මේ බොරුවට හොරකමට වංචාවට රැවටිල්ලට ඇන්දවිල්ලට තවදුරටත් මෙරට ජනතාව රැවටෙනවාද නැද්ද කියා ජනතාව තීරණය කළ යුතු බවත් මොවුන් පරණ පච මෙන්ම අලුත් පච මල්ලක් ද ඉදිරිපත් කරන බවත් අයවැයේ වත් නැති සහන දෙන බවට බොරු කියමින් යන බවත් හැමතැනම බොරුව රැවටිල්ල ඇන්දවිල්ල බවත් මේ රජයට දැන් පච ලේබල් එක පවා වැදී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් බලයට පැමිණි පසු මාස 6කට විදුලි බිල අඩු කළ නොහැකි බවට පැවසූ බවත් මේ නිසා පොදු ජනතාව කැලබී මහජන උපයෝගීතා කොමිසම හමුවට ගිය අවස්ථාවේ මහජන උපයෝගීතා කොමිසම 20%කින් විදුලි බිල අඩු කලා මිස රජය හෝ ජනාධිපතිවරයා එය අඩු නොකළ බවත් මේ පච ආණ්ඩුවට තවත් 13%ක් අඩු කිරීමට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම තෙල් මිල සම්බන්ධයෙන් ද පැවසූයේ එවැනි කතාවක් බවත් බදු, දූෂණ හා වංචා, කොමිස් මුදල් ආදිය නිසා තෙල් මිල වැඩි බවත් මේවා ඉවත් කිරීම හරහා තෙල් මිල අඩු කළ හැකි යැයි පැවසුවත් තවමත් තෙල් මිල වැඩි බවත් අද වන විට ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට ඉන්ධන සහනාධාරය පවා නොලැබෙන බවත් මිල සූත්‍රය පවා අහෝසි කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඉන්ධනවල බදු ඉවත් කළා නම් කොමිස් මුදල් නැති කළා නම් වරායේ ගොඩබාන ගානටම තෙල් ලැබිය යුතු වුවත් මොවුන් එදා කිව්වේ බොරු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleඇප ලබා පිටවයාමේ කොන්දේසි කඩලා : දේශබන්දුට නියෝගයක් !
Next articleආණ්ඩුවේ මොනිටර් ඇමති ගැන අනුරට පැමිණිල්ලක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here