Home අද ආණ්ඩුවේ මොනිටර් ඇමති ගැන අනුරට පැමිණිල්ලක් !

ආණ්ඩුවේ මොනිටර් ඇමති ගැන අනුරට පැමිණිල්ලක් !

549
0

ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ඉල්ලීම් නොතකා කටයුතු කිරීම නතර කිරීමට පියවර ගන්නැයි විපක්ෂයේ මන්ත්‍රීන් ගණනාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ට පැමිණිලි කර තිබෙන බව වාර්තා වෙයි.

මෙම අමාත්‍යවරයා විපක්ෂය සම්බන්ධයෙන් අයුක්තිසහගත ලෙස ක්‍රියා කරන්නේ පන්තියේ “මොනිටර්”‍වරයා තමන් බව සිතාගෙන යැයි ද මෙම පැමිණිල්ල සිදුකළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට දැන්වූ බවත් දැනගන්නට තිබේ.

මේ බව දේශය පුවත්පතට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පවසා ඇති අතර විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ආචාර්ය හර්ෂ ද සිල්වා, ශානක්‍යන් රාසමාණික්කම් ඇතුළු පිරිසක් පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික හමුව අවසානයේ මෙම පැමිණිල්ල සිදුකළ බව එහිදී සඳහන් කර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධව අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ මෙම පැමිණිල්ල සභානායක අමාත්‍ය බිමල් රත්නායක සම්බන්ධව වන බවයි.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන ආරංචි මාර්ගයක් පවසා සිටියේ, ආණ්ඩුවේ පැලවත්ත පාර්ශ්වය නොහොත් ජවිපෙ වගකීම දරන බිමල් රත්නායකගේ හැසිරීම සම්බන්ධව ජනාධිපති අනුර දිසානායකට පැමිණිලි කිරීම අර්ථ විරහිත බවයි.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මෙහෙයවනු ලබන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නොව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් බවත්, එබැවින් ඔහුගේ හැසිරීමේ වෙනසක් අවශ්‍ය නම් එය ටිල්වින් සිල්වාට යොමුකර විසඳාගත යුතු බවත්, එම ආරංචි මාර්ගය වැඩිදුරටත් සඳහන් කළේය .

Previous articleඅනේ හපොයි ! අනුරාණ්ඩුවට සජිතුත් පචයා කියයි : අලුත් පරණ පච මලුත් පෙළට දිගහරියි !
Next articleට්‍රම්ප්ගේ බද්ද 54%යි : ආණ්ඩුව රිලවු ගනිනවා : ආර්ථික විශ්ලේෂකයන්ගෙන් ශෝක ප්‍රකාශයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here