හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එළැඹෙන අප්‍රේල් 25 වන දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට මෙම කැඳවීම ලැබී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ සමය සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ය.
මේ සම්බන්ධයෙන් අප්‍රේල් 17 වන දා අල්ලස් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබූ නමුත් එදිනට සහභාගී වීමට නොහැකි බව හිටපු ජනාධිපතිවරයා විසින් අල්ලස් කොමිසමට දැනුම්දීමෙන් පසුව මෙම නව දිනය ලබාදී ඇත.
කෙසේ වුවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ අද (21) පැවති කළුතර දිස්ත්‍රික් පළාත් පාලන මැතිවරණ අපේක්ෂක හමුව අමතමින් පවසා සිටියේ, තම නීතීඥවරයා විදෙස්ගතව සිටින බැවින් ඔහු පැමිණි වහාම අල්ලස් කොමිසම වෙත ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ගේ විමර්ශනයකට අදාළ ප්‍රකාශය ලබාදීමට කටයුතු කරන බවයි