Home අද සහල් ආනයනය තහනම්  – භාණ්ඩ මිල අඩුවේ

සහල් ආනයනය තහනම්  – භාණ්ඩ මිල අඩුවේ

691
0

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සඳහා සහ දෙසැම්බර් 09 වනදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා ‍විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බවය.

එමෙන්ම අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකර තිබේ. ඒ අනුව පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 385කි.

පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 250කි. මේ අතර සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 460කි. ලොකුලූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190ක් වන අතර ලංකාවේ නිෂ්පාදිත ටින් මාළු රුපියල් 5කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල් 490කි.

මේ අතර ඉදිරි සතිය තුළ අත්‍යව්‍යශ භාණ්ඩ මිල තවත් පහත දැමීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මහතා පවසයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මහතා,

ගිය අවුරුද්දට සාපේක්ෂව බඩු මිලක් අඩුවේලා තියෙනවා.  මාස 5කට 6කට පෙර  රුපියල් 585.00ට තිබුණ පරිප්පු කිලෝ එක අද රුපියල් 385යි. රුපියල් 150ක් 200කින් අඩුවෙලා. සීනි කිලෝ එක රුපියල් 125කින් අඩුවෙලා. ඒ වගේම සැමන් ටිං එක රුපියල් 250.00කින් විතර අඩුවෙලා. විශාල වශයෙන් භාණ්ඩ මිල අඩුවෙලා නමුත් මම සෑහිමකට පත්වෙන්නේ නැහැ. තවත් බඩු මිල අඩුවෙන්න ඕනේ කියන තමයි මගේ මතය. උත්සව සමය සඳහා කිසිම භාණ්ඩයක් වැඩිවෙන්නේ නැහැ. තවත් සතියකින් භාණ්ඩ මිල අඩුකරන වැඩපිළිවෙළකට අපි යනවා.”

 

Previous articleවිදෙස් සංචාරකයින්ගේ පැමිණීම වැඩිවෙයි
Next articleලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂකගෙන් ජනාධිපතිට ලිපියක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here