Home අද කණගාටුව ප්‍රකාශ කරලා වැඩක් නැහැ – නීතිය ක්‍රියාත්මක කරන්න

කණගාටුව ප්‍රකාශ කරලා වැඩක් නැහැ – නීතිය ක්‍රියාත්මක කරන්න

562
0

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර සිට කිසිදු ඵලක් නොමැති බවත් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා අද(13දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

“මෙවැනි සිද්ධි ගණනාවක් මීට කලිනුත් උනා. නමුත් අපි කණගාටුවීම විතරයි වෙන්නේ. මෙවැනි සිද්ධියක් ඊයේ(12දා) කුලියාපිටියේදී උනා. අපේ පන්සලක හාමුදුරුකෙනෙකුට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ගහලා තියෙනවා. උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. සමාජය පත්වෙලා තිබෙන මේ තත්වය ගැන කණගාටුව ප්‍රකාශ කරලා වැඩක් නැහැ. වහාම මැදිහත් වීම අවශ්‍යයයි.  මේ සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා යැයි පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැන්වු රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා මෙසේ සඳහන් කළේය,

“උගතුන් බුද්ධිමතුන් බිහිකරන තැන මේවගේ සිදුවෙලා තියනවානම් එහි බරපතල වගකීමක් මේ පාර්ලිමේන්තුවට තිබෙනවා. උගතුන් බුද්ධිමතුන් තරුණයින් මහපාරේ මරණවා අපි දැක්කා. විශ්ව විද්‍යාලයක සිදුවන මෙවැනි සිදුවීම් හරහා ජීවත්වීමේ අයිතිවාසිකම උල්ලංඝනය වීමක් තමයි මම දකින්නේ. ඒ අයිතිය මේ වෙද්දි නැතිවෙලා . උගතුන් බුද්ධිමතුන් බිහිකරන තැන මේ වගේ සිදුවීම් වෙනවා කියන්නෙම බරපලත තත්වයක්. ලැජ්ජාවට කාරණාවක්. රටවටේම සිදුවන මේවගේ සිදුවීම් වල සමාන බවක් තියෙනවා.මෙවැනි සිදුවීම් මෙහෙයවන ස්ථානයක් ඇති. ඒක හොයලා සමාජයෙන් ඉවත් කිරීමේ වගකීම අපිට තිබෙනවා. එහෙම කරලා ජීවත්වීමේ පරිසරයත් හැදීමේ වගකීම මේ පාර්ලිමේන්තුවට තිබෙනවා. එහෙම නොකළොත් පක්ෂ විපක්ෂ මේ හැමෝටම විත්ති කූඩුවට නගින්න සිදුවෙයි. යැයි සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහරදීමේ සිදුවීම පිළිබඳවද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විමසු අතර එහිදී මෙස් පැවසීය,

“මේ සිදුවීම් සම්බන්ධ පරීක්ෂණයක් කළා. එහි වාර්තාව දැනගැනීමේ අයිතිය අපිටත් මන්ත්‍රීවරුන්ටත් තිබෙනවා. ඒවගෙම එය ප්‍රජාත්‍රත්ත්‍රවාදයට එරෙහිව එල්ල කළ දරුණු පහරක්. මේවා මෙහෙයුව්වේ කවුද මේවට මුදල් දුන්නේ කවුද කියලා මේ ගැන මන්ත්‍රීවරුන් වගේම සමාජය දැනුවත් වීම ඉතාම වැදගත්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය,

“පේරාදෙණියේ සිද්ධිය තරයේ හෙලා දකිනවා. මේකට වගකියන්න ඔනේ කෙලින්ම  ජවිපෙ සහ පෙරටුගාමී.  ඔවුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න”” යැයි සඳහන් කළේය.

Previous articleපක්ෂභේදයෙන් තොරව අපි සියලුදෙනා මේ සිදුවීම හෙලා දකිනවා
Next articleපාස්කු ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ජනපතිට බැහැර වෙන්න බෑ – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here