Home අද පක්ෂභේදයෙන් තොරව අපි සියලුදෙනා මේ සිදුවීම හෙලා දකිනවා

පක්ෂභේදයෙන් තොරව අපි සියලුදෙනා මේ සිදුවීම හෙලා දකිනවා

679
0

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ඇතිකළ ප්‍රචන්ඩකාරී තත්වය පක්ෂභේදයකින් තොරව හෙලා දකින බවත් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් සභානායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(13දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙවැනි කටයුතු විශ්වවිද්‍යාල සිසුන්ට කළ නොහැකිබවත් එවැනි කටයුතු සිදුකරන ඔවුන් අනිවාර්යෙන්ම ත්‍රස්ත්‍රවාදීන් විය යුතු බවද පැවසු අමාත්‍යවරයා මෙසේද පැවසීය,

“පක්ෂභේදයෙන් තොරව අපි සියලුදෙනා මේ සිදුවීම හෙලා දකිනවා. මේ සම්බන්ධයන් නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේවගේ නීතියක් ක්‍රියාත්මක කරන්න යද්දි මේ  පාර්ලිමේන්තුවේ ම ඉන්න සමහර  දේශපාලන පක්ෂ,  “ශිෂ්‍යයෝ අත්අඩංගුවට ගන්නවා” කියලා , “මේක ප්‍රජාත්‍රන්වාදි නැහැ” කියලා  කියන අයත් ඉන්නවා. ඒ වගේ දෙබිඩි කතාකරන්නේ නැතිව මේගැන කටයුතු කරන්න ඔනේ.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ හැසිරීම සහ ආචාරවරුන්ගේ හැසිරීම ගැන මම මීට පෙර පාර්ලිමේන්තුවේ දී කිව්වා. එතකොට මාව විචේනය කළා.  මේ ගෙවල් ගිණි තියන්න ළමයි උසිගන්වන්න මහාචාර්යවරුත් හිටියා කියලා මම කිව්වා. සියලුදෙනාම නෙවෙයි, යම් දේශපාලන පසුබිමක් තිබෙන යම් කණ්ඩායමක් කාලසීමාවක් තුළ රටේ ප්‍රචන්ඩත්වය ත්‍රස්ත්‍රවාදය ඇති කරන්න කටයුතු කරගෙන ආවා. ඒක නැහැ කියන්න බැහැ. ඒවා මෙහෙයවපු මහාචාර්යවරු හිටියා. ගෙවල් ගිනි තියන්න ගිය මහාචාර්යවරු හිටියා.  දැන් එය ක්‍රමාණුකූලව වර්ධනය වෙලා . අද ඒ අයගේ මතයට එකගනොවන, ආචාර්ය මහාචාර්වරුන්ටත් හිරි හැර කරන තත්වයට ආවා. දැන් විශ්වවිද්‍යාලයට අහිංසක දරුවෙක් යන්න බයයි. ඒ ශිෂ්‍ය හිංසනයට විශ්වවිද්‍යාලය තුළ සිදුවෙන නිසා. අපේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් එන ළමයින්ව පෞද්ගලික ආයතනයක රැකියාවකට ගන්න බයයි. අද පෞද්ගලික අංශයක පුරප්පාඩු තිබුණොත් එයින් 90% ක්ම ගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල දරුවන්. ඒ ඇයි?. මේ රජයේ විශ්වවිද්‍යාල වල පිළිගැනීමක් නැති තත්වයට පත්වෙලා. මේක ඇතුලෙන්ම වෙන දෙයක්. යම් දේශපාලන පක්ෂ අයිස් කවලා කවලා මේ දරුවන්ගේ මනස  විකෘති කරලා තියෙන්නේ. සමහර මහාචාර්යවරුත් කතාකරන්නේ ගහපියව් මරපියව් කියන මතවාදය එක්ක. මේ විදිහට ගියොත් මේ විශ්වවිද්‍යාල පද්ධතියම කඩන් වැටෙනවා.” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

Previous articleනීතිපති දෙපාර්තුමේන්තුව දේශබන්දු ගැන කළ දැනුම්දීම
Next articleකණගාටුව ප්‍රකාශ කරලා වැඩක් නැහැ – නීතිය ක්‍රියාත්මක කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here