Home අද එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීම අපිට ශක්තියක් – පොහොට්ටු මහලේකම්

එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීම අපිට ශක්තියක් – පොහොට්ටු මහලේකම්

650
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන අයුරින් රට වෙනුවෙන් එකතු වීමට හැකිනම් අනිවාර්යයෙන්ම එකතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (12දා) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ පැවසීය.

රටේ අනාගතය සහ තරුණ පරපුර වෙනුවෙන් වන ප්‍රතිපත්ති මාලාවක් සමඟ ඉදිරියට යෑමට ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගතවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ද මහ ලේකම්වරයා සඳහන් කළේය.

බිම් මට්ටමේ ඉතාම ශක්තිමත් ජාලයක් ඇති එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම තම පක්ෂයට ශක්තියක් බවද පොහොට්ටුවේ මහලේකම් වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

Previous articleවායු දුෂණයේ අලුත්ම තත්වය
Next articleඋපකුලපතිට පහර දුන් 12 ගේ ශිෂ්‍යභාවය අහෝසියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here