Home අද සජබ ට ලබන සතියේ වෙනදේ ඩයනා කියයි

සජබ ට ලබන සතියේ වෙනදේ ඩයනා කියයි

559
0

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට සිය මන්ත්‍රීධූර ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. සමගි ජනබලවේගය ලෙස පක්ෂයක් නොමැති බවත් එය අපේ ජාතික පෙරමුණ බවත් එය තමාගේ පක්ෂය බවද අමාත්‍යවරිය පැවසු අතර මෙසේද පැවසුවාය,

“මගේ පුරවැසිකම හොයන අයට මම කියනන් ඔනේ. මට මේ රටේ පුරවැසිකමක් නැතිනම් ඔතන(විපක්ෂයේ) 54 දෙනෙක් වාඩිවෙලා ඉන්නවා ඒ සියලුදෙනාටම මෙතන ඉන්න බැහැ. අන්න ඒක මතක තියාගන්න. ඒපක්ෂයේ මම මහලේකම් වෙලා හිටපු විදිහට ඒ සියලු දේම අහිමි වෙනවා.  වැඩි දවස් යන්න ඉස්සරවෙලා තියෙන බෝධි පුජා ටික තියාගන්න . මන්ත්‍රීධුර ටික බලාගන්න. එච්රයි මට කියන්න තියෙන්නේ. මම පක්ෂය දුන්නේ නැතිනම් අද සජබයක් ඔතන නැහැ. මම දැක්කා මේ සජබෙ දෙවැනි වසර සමරන්න යනවලු. එහෙම එකක් නැහැ. මේ පක්ෂය අපේ ජාතික පෙරමුණ. ඒකට දාහත් වසරක් ගතවෙලා තියෙනවා. සජිත් ජලනි බලවේගය කියලා හදාගත්තට මේක අපේ ජාතික පෙරමුණ. ඒක මතක තියාගන්න. ඒවට ලැස්තිවෙන්න එපා කවුරුත් . ජලනි තමයි ඔය පක්ෂය මෙහෙයවන්නේ. ඔය නම් දැම්මේ ආර්යාව කියා ගත්තු අය. අපි ඒක දන්නවා. ලබන සතිය වෙනකොට මොකද වෙන්නේ කියලා අපි බලාගම්මු. ඔය 53 ට වීසා දුන්නේ මම. ඉතින් මට වීසා එකක් තියාගන්න බැරිද?. ඔය පක්ෂයේ කිසිම තවතුරක් නීත්‍යානුකූල නැහැ”  යැයි සඳහන් කළාය.

Previous articleහැකිතාක් ගෙදරම ඉන්න – නැවත දැනුම්දෙනතුරු මුව ආවරණ පළඳින්න
Next articleපුංචි ඡන්දේට පොහොට්ටුව වැඩ අරඹයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here