2023 අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 43 කින් අද(08දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය අද පස්වරුවේ අවසන් වු අතර අනතුරුව ඡන්ද විමසීම පැවැත් විණ. අයවැයට පක්ෂව ඡන්ද 123 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 80 ලැබුණි. ඒ අනුව ලබන වසර සඳහා වු අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත විය.