Home අද නීතිවිද්‍යාලයේ විභාග පැවැත්වීම පෙර පරිදිම   කරන්න පාර්ලිමේන්තුව තීරණය කරයි

නීතිවිද්‍යාලයේ විභාග පැවැත්වීම පෙර පරිදිම   කරන්න පාර්ලිමේන්තුව තීරණය කරයි

580
0

 පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රිසි භාෂාවෙන් පැවැත්වීම වසර 03 ට කල් දමන ලෙස අධිකරණ අමාත්‍යවරයා  නීති අධ්‍යයන සභාවට දැනුම්දුන්නද නීති විද්‍යාලයට එයට එකඟ නොවු බැවින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුවට යොමුකරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද(08දා) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය. නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රිසි භාෂාවෙන් පැවැත්වීම පිළිබඳව  ක්‍රමාණුකූලව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය යෝජනා කළද  එය ක්‍රියාමත කිරීමට නීතිවිද්‍යාලය අකමැතිවී ඇත. එබැවින් එයට අදාල ගැසට් නිවේදනය පිළිබඳ තීරණයක් ගැනීමට එය ලබන සතියේ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

“ මේ ප්‍රශ්නය විසඳගන්න ඔවුන් සමග සාකච්චා කලා. නමුත් නීති අධ්‍යයන සභාව එම තීන්දුව වෙන්ස් කරන්න සූදානම් නැහැ කියලා මට දැනුම් දුන්නා. මේ පිළිබඳ අවසාන බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා මේ ගැන තීරණයක් ගන්න මම පාර්ලිමේන්තුවට ඒ ගැසට් නිවේදනය ඉදිරිපත් කරනවා.” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

Previous article2022 ලොව බලපෑම් කළ හැකි BBC කතුන් 100ට සන්ධ්‍යා එක්නැලිගොඩත්
Next articleA/L දවස් වලට විදුලිය නොකපා ඉන්න දැඩි උත්සාහයක් ගන්නවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here