Home අද 2022 ලොව බලපෑම් කළ හැකි BBC කතුන් 100ට සන්ධ්‍යා එක්නැලිගොඩත්

2022 ලොව බලපෑම් කළ හැකි BBC කතුන් 100ට සන්ධ්‍යා එක්නැලිගොඩත්

595
0

ලෝක ප්‍රකට BBC පුවත් සේවය විසින් වාර්ශිකව ප්‍රකාශයට පත්කරන ලෝකයේ බලපෑම් කළ හැකි කාන්තාවන් 100 ලැයිස්තුවට අදාළව 2022 වසරේ ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියද එක්ව තිබෙනවා.

මානව හිමිකම් ක්‍රියාකාරිණියක් ලෙස ඇය මෙම ලැයිස්තුවට ඒක්ව සිටියි. 2010 වසරේ සිට අතුරුදන්ව ඇති ගවේෂනාත්මක මාධ්‍යවේදියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන්නේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියයි.

තම සැමියාගේ අතුරුදන්වීමත් සමග ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ඇය ඉදිරියට පැමිණි අතර ඒත් සමගම ඇය අතුරුදන් වූවන්ගේ වෙනුවෙන් හඩ නැගීමට කටයුතු කළාය.ඒ් වෙනුවෙන් ඇයට ඇමෙරිකාව ඇතුළුව ජාත්‍යන්තර සංවිධාන හා රටවල් කිහිපයකින්ම ඇගයීම් ලැබුණාය.

Previous articleවිදුලිබල මණ්ඩලය නිසා කංචන චම්පික පැටලෙයි
Next articleනීතිවිද්‍යාලයේ විභාග පැවැත්වීම පෙර පරිදිම   කරන්න පාර්ලිමේන්තුව තීරණය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here