Home අද පාර්ලිමේන්තුවෙන් වාර්තාවක්

පාර්ලිමේන්තුවෙන් වාර්තාවක්

624
0

පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා  ඊයේ(01)  පැමිණි බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්‍දු මහතා පැවසීය. ඒ අනුවල දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්  පැසැල් 32 කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට අධික පිරිසකට  එදින පාර්ලිමේන්තුව නැරඹීමේ අවසරය ලබා දී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ලෝක පාර්ලිමේන්තු සමග සැසඳීමේදී ද, එක් දිනක් තුළ මෙපමණ පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම වාර්තාවක් විය හැකි බවද තවදුරටත් වේත්‍රධාරිවරයා සදහන් කළේය. කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තබන ලද මහජන ගැලරිය පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පසුගිය සැප්තැම්බර් 19 වන දින සිට නැවත විවෘත කිරීමෙන් පසු 25000 කට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටි පාසැල් නියෝජනය කරමින්  පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පැමිණ ඇත.

තවද  2023 වසරේ ජනවාරි මාසයේ සිට පාර්ලිමේන්තුව නැරඹීම පිණිස පැමිණෙන සෑම පාසැල් සිසුවෙකුටම  නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද  ඒ මහතා  සඳහන් කළේය. මේ සඳහා කිසිදු පැකිලීමකින් තොරව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය මගින් ලබා දිම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තිරණය කළ බවද වේත්‍රධරී වරයා සදහන් කළේය

Previous articleඅලියත් එක්ක ගමනක් යන්න ඉල්ලීම් 1000කටත් වැඩියෙන්
Next articleවිපක්ෂයේ හැසිරීම අශෝබනයි – කතානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here