Home අද විපක්ෂයේ හැසිරීම අශෝබනයි – කතානායක

විපක්ෂයේ හැසිරීම අශෝබනයි – කතානායක

583
0

විපක්ෂයේ  මන්ත්‍රීවරුන් ඇතැම් වෙලාවට පාර්ලිමේන්තුවේ කාලය නාස්තිකරමින් නිශ්පල කතා කියමින්  අශෝබන ආකාරයට හැසිරීම පිළිබඳ කණගාටුවන බව කතානායක මහින්ද අබේවර්ධන මහතා අද(02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාරලිමේන්තුවේ උදෑසන මන්ත්‍රීවරුන්ගේ විවිධ ප්‍රකාශ හේතුවෙන් අයවැය විවාදය පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ට කතාකිරීමට කාලය අහිමිවන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පැවසීය. එමෙන්ම මන්ත්‍රීවරුන්ට කතාකිරීමට කාලය ලබාදෙමින් කාලය කළමණාකරය කිරීමට කථානායකවරයා‍ලේ අවධානය යොමුකරන්න ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

එහිදී ඇතිවුයේ මෙවැනි සංවාදයකි

කතානායක  – මේ සිද්දිය දෙපැත්තෙන්ම සිදුවෙනවා

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා – කාලය කළමනාකරණය කරගන්න ඔනේ අපි නෙවෙයි මුලාසනය.

කතානායක – නමුත් මන්ත්‍රීතුමා බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා. ඒක වළක්වගන්න ඔබතුමාලා කටයුතු කරන්නේ නැහැ. ඒගැන කණගාටුවට කාරණයක්. ඔබතුමාගේ කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නෙවෙයි ඔබතුමාගේ වගකීම. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතැම්වෙලාවට හැසිරෙන ආකාරය ඉතාම අශෝබනයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතාකරන එක වැරද්දක් නෙවෙයි. නමුත් මේ හැසිරෙන විදිහ අශෝබනයි

ලකෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා -අපි ඔබතුමා එක්ක තරහක් නැහැ. මේක අපේ වැරද්දක් නෙවයි.

කතානායක – පාර්ලිමේන්තුව තියෙන්නේ කතාකරන්න. ඒකේ වැරදක් නැහැ. නමුත් පල්හෑලි කතාකරන්න ගියාම තමා මේ සිද්ධිය වෙන්නේ. ඔබතුමාගේ  කණ්ඩායමෙන් තමා ඒක සිදධ වෙන්නේ

Previous articleපාර්ලිමේන්තුවෙන් වාර්තාවක්
Next articleමහ කන්නයේ වී වගාවට පොහොර නැව් ලංකාවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here