Home අද ආයතන රැසක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට පොලු තියලා

ආයතන රැසක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට පොලු තියලා

667
0

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන සහ පුද්ගලයන් රුපියල් කෝටි හැත්තෑ හත්දහස් තුන්සියයක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPA) තොරතුරු අනාවරණය විය.

එම දෙපාර්තමේන්තුවට හිඟ බදු, දඩ සහ පොලී වශයෙන් මෙම මුදල ලැබිය යුතුව ඇත.

මේ මුදලෙන් රුපියල් කෝටි විසි දහස් එකසියයක් (බිලියන 201) කිසිඳු නීතිමය ගැටලුවකින් තොරව අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත් රුපියල් කෝටි පනස් දහස් දෙසීයක් (බිලියන 572) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටවා ඇති මුදල් වශයෙන් හදුනාගෙන ඇති බවත් කෝපා කමිටුව පවසයි.

මේ අතර රුපියල් කෝටි 1000 ක් වැයකර සකස් කළ රමිස් (RAMIS) පද්ධතිය නිසි ක්‍රියාකාරී මට්ටමක නැතැයිද මෙහිදී තොරතුරු අනාවරණය විය.

Previous articleපළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමක් නෑ – පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි
Next articleඋද්ධමනය අඩුවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here