Home අද උද්ධමනය අඩුවෙයි

උද්ධමනය අඩුවෙයි

7404
0

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පහළ ගොස් තිබෙනවා.

2022 ඔක්තෝබර් මාසයේ 66.0%ක් ලෙස වාර්තා වූවත් අද (30) නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ, නොවැම්බර් මාසයේ දී 61.0%ක් දක්වා උද්ධමනය පහළ ගොස් ඇති බවයි.

එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති 85.6% සිට නොවැම්බර් මාසයේ දී 73.7% දක්වා පහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති 56.3% සිට නොවැම්බර් මාසයේ දී 54.5% දක්වා පහළ ගොස් ඇත.

2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පළමු වරට පසුගිය ඔක්තෝබර් මාසයේ දී පහළ යන ප්‍රවණතාවයක් පෙන්නුම් කරන ලදි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් කර තිබෙනවා.

Previous articleආයතන රැසක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට පොලු තියලා
Next articleඅර්බුදය උඩු දුවන්න දුන්නේ බැසිල්ට ජනාධිපති වෙන්න – ගම්මන්පිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here