Home අද යාල ට විවේක ස්ථානයක්

යාල ට විවේක ස්ථානයක්

597
0

යාල වනෝද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා විවේක ස්ථානයක් (Resting Place) ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.

යාල වනෝද්‍යානයේ පට්ටනංගල Block B කොටසේ මෙම විවේක පරිශ්‍රයට වෙන් කර ඇති අතර වාහන 200ක් පමණ එහි නැවැත්වීමට අවශ්‍ය පහසුකම් සහිත වේ.

වනජීවී දෙපාර්තමේන්තුව මේ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 56කි.

වන සතුන්ට සහ වෘක්ෂලතාවලට හානියක් නොවන අයුරින් මෙම විවේක ස්ථානය ඉදිකිරීමට කටයුතු කර ඇති අතර එහි සංචාරකයින්ට අවශ්‍ය ආහාර පාන මෙන්ම ශ්‍රී ලංකාවේ වන සතුන් හා වෘක්ෂලතා සම්බන්ධව සංචාරකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමට ද නියමිතය.

Previous articleදේශපාලනීකරණය සහ කල්මමැරීම නිසා COP27 සාර්ථකත්වයට බාධා- ජනපති
Next articleපළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමක් නෑ – පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here