Home අද ඉදිරි සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන්

ඉදිරි සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන්

653
0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු නැවැත්වීමෙන් විශාල පිරිසකගේ රැකියා අහිමි වීම හේතුවෙන් ඉදිරියේදී සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ අ‍ාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නාගරික සංවර්ධන හා නිවාස කටයුතු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී නගර සංවර්ධන සැලසුම් සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මන්ත්‍රීවරුන් විමසූ අවස්ථාවේ දී ය.

සංවර්ධනය වැඩසටහන් සඳහා වියදම් කිරීමට කැමති රටේ පෞද්ගලික ආයෝජකයන් සිටින බැවින් මහා භාණ්ඩාගාරයේ මුදල් යෙදවීමකින් තොරව රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන් සංවර්ධන කටයුතු සිදුකළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම, නගර සංවර්ධනයට අදාළ සැලසුම් පිලිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කළ අතර, මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ, සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් නොකළ ද සංවර්ධනයට අදාළ සැලසුම් වැඩි ප්‍රමාණයක් දැනටමත් අවසන් කර ඇති බවත් 2023 දී එම සියලු සැලසුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකි බවත් ය.

අදාළ සැලසුම් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලට ඉදිරිපත්කොට ඔවුන්ගේ ද අවශ්‍යතා සැලකිල්ලට ගෙන සම්පූර්ණ කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල පෞද්ගලික ආයතන මගින් ඉදිකිරීම් කරන ලද නිවාස සංකීර්ණ ව්‍යපෘති අතරමග නවතා අත්හැර යාම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කාරක සභාවේ අවධානයට යොමු කළේය. ඉදිකිරීම් ද්‍රව්‍ය වල මිල විශාල ලෙස ඉහළ යාම නිසා එම ඉදිකිරීම් අත්හැර ගොස් ඇති බව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්හ.

මේ හේතුවෙන් එම ව්‍යාපෘතිවල නිවාස මිලදී ගැනීමට මුදල් ගෙවීම් කර ඇති ජනතාවගෙන් තමන්ටද පැමිණිලි ලැබෙන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේ, අදාළ ගිවිසුම් වල තිබෙන කොන්දේසි අනුව ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි.

Previous articleමහින්ද නීතිඥයෙක් වුණ හැටි කිරිඇල්ල කියයි
Next articleරියදුරන්ගේ ලකුණු කැපෙන හැටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here