Home අද මහපාරේ උද්ඝෝෂණ පාලනය නොකර රටකට ඉදිරියට යන්න බෑ – දිලුම්

මහපාරේ උද්ඝෝෂණ පාලනය නොකර රටකට ඉදිරියට යන්න බෑ – දිලුම්

565
0

මහපාරේ කරන උද්ඝෝෂණ හා විරෝධතා පාලනය නොකර රටක් ඉදිරියට යාමට නොහැකි බවත් රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන මුදල් වලින් ඇතැම් කණ්ඩායම් රට ව්‍යාකූල තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඊයේ (28) මහනුවර දකුණු ඩිපෝවේ දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ බව අවධාරණය කළ අමුණුගම මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“ඇතැම් කණ්ඩායම් උත්සාහ කරනුයේ මෙරට පවතින ප්‍රශ්න තව තවත් ව්‍යාකූල තත්ත්වයට පත් කිරීමටයි. රටක උද්ඝෝෂණ, විරෝධතා පවතිනවා නම් එම රටට ආයෝජකයන් එන්නේ නැහැ. ඇතැම් කණ්ඩායම් වලට අවශ්‍ය එයයි. රටේ ප්‍රශ්න තව තවත් ව්‍යාකූල තත්ත්වයට පත් කොට රට අස්ථාවර කිරීම ඔවුන්ගේ අරමුණයි.

රටේ දැඩි පාලනයක් ඇති කොට රට විනයානුකූල රටක් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනාවත් ඔහු එවැනි පාලනයකට ගියේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටේ විනයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටිනවා. රටේ විනයක් ඇති කිරීමට දැඩි පාලනයක් අවශ්‍යයි .

පවතින මැතිවරණ ක්‍රමය නිසා පළාත් පාලන ආයතන වල නියමාකාරයෙන් ජනතා කැමැත්ත පිළිබිඹු වන්නේ නැහැ. පවතින මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදුකිරීම කාලෝචිතයි.”

Previous articleදිස්ත්‍රික් සංවර්ධනය ක්‍රමය යළි ගෙනඑන්න –
Next articleසිවුර දාගත්තා කියලා ධර්මයට විරුද්ධව කටයුතු කරන්න විශේෂ ආරක්ෂාවක් ගන්න බෑ – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here