Home අද  උසස් නිලතල 06 ට  කාරක සභාවේ අනුමතිය

 උසස් නිලතල 06 ට  කාරක සභාවේ අනුමතිය

572
0

අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකුට, ආයතන සභාපතිවරයෙක් සහ තානාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස උදය ඉන්ද්‍රරත්න මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මේ අතර, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතාගේ පත්වීමට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස අරුණි විජේවර්දන මහත්මියගේ පත්වීමට, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මියගේ පත්වීමට සහ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එන්.ඩී.ගුණවර්ධන මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එයට අමතරව, ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කාන්චන රත්වත්තේ මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව මහලේකම්වරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට  අමාත්‍යවරයන් වන නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙලිය රඹුක්වැල්ල, විදුර වික්‍රමනායක මෙන්ම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  චමල් රාජපක්ෂ, ජෝන් සෙනවිරත්න, තලතා අතුකෝරල, (වෛද්‍ය)   සුදර්ශනී ප්‍රනාන්දුප්ල්ලේ, රිෂාඩ් බදියුද්දීන්, උදය ගම්මන්පිල සහ ධර්මලිංගම් සිද්ධාර්තන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Previous articleරජයේ ආයතන වල පාටි බෑ
Next articleරට බංකොළොත් වුණේ පාර්ලිමේන්තුව වගකීම ඉටු නොකළ නිසා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here