Home අද මෛත්‍රී දාපු ලේකම් පිළිගන්න බැහැ – බුලත් කොළේ පක්ෂ කියයි

මෛත්‍රී දාපු ලේකම් පිළිගන්න බැහැ – බුලත් කොළේ පක්ෂ කියයි

730
0

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස තිලංග සුමතිපාල පත් කිරීමට ගෙන ඇති තීරණය තමන් පිළි නොගන්නා බව සන්ධානයේ හවුල්කාර පක්ශ ප්‍රකාශ කර තිබේ.

මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස ජයවර්ධන යාපා, ඊළාම්  ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ඩග්ලස් දේවානන්දා,  ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්. එම් අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න හා දේශ විමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් කලංසුරිය ඇතුළු පිරිසකගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු මේ බව පවසා ඇත.

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එහි මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයට තිලංග  සුමතිපාල පත් කළ බව එහි හවුල්කාර පක්ෂ ලෙස  තමන්ද දැනගත්තේ මාධ්‍ය ඔස්සේ බවද එම නිවේදනයේ සඳහන් වේ. එම ප්‍රවෘත්තිය පිළිබඳව තමන් විමතියට පත් වූ බවද එම නිවේදනයේ දැක්වේ.

සන්ධානයේ මහ ලේකම්වරයාව සිටි මහින්ද අමරවීර එම තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳව හෝ නව ලේකම්වරයෙකු පත් කිරීම පිළිබඳව තමන්ට කිසිදු පූර්ව දැනුම්දීමක් සිදුකර නැතැයි ද එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Previous articleපාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගේන්න – අගමැතිගෙන් විපක්ෂයට අභියෝගයක්
Next articleලංකාව හිඟාකන රටක් බවට පත් කරන්නේ නෑ – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here