Home අද පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගේන්න – අගමැතිගෙන් විපක්ෂයට අභියෝගයක්

පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගේන්න – අගමැතිගෙන් විපක්ෂයට අභියෝගයක්

719
0

රටෙන් තමන්ට වෙන දේ නෙවෙයි, තමන්ට රටට කළ හැකි දේ ගැන හිතන්න යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඔහු මෙම ඉල්ලීම කළේ, 2023 අය වැය විවාදයේ කාරක සභා අවස්ථාවේ පළමු දිනයට එක්වෙමිනි.

ඊයේ ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, ස්වාධින කොමිෂන් සභා, පාර්ලිමේන්තුව,ආදී වැය ශිර්ෂ මෙදින විවාදයට ගත්තේය.

හැකිනම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නයැයි අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී විපක්ෂයට අභියෝගයක්ද කළේය. පළාත් පාලන මන්ත්‍රී ගණන 8000 කළේ, තමා සභාපතිත්වය දැරූ ඡන්ද කමිටුව නොව, යහපාලන ආණ්ඩුව බවද සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, පසුගිය කාලයේදී සර්වජන ඡන්දය හා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය, ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ බවද අවධාරණය කළේය.

Previous articleඋද්ඝෝෂණ කරලා කවදාවත් රටක් හදන්න බෑ – උද්ඝෝෂණ අවුරුද්දකටවත් නවත්වන්න
Next articleමෛත්‍රී දාපු ලේකම් පිළිගන්න බැහැ – බුලත් කොළේ පක්ෂ කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here