Home අද සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒමට යෝජනා

සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒමට යෝජනා

738
0

දුම්රිය, බස් රථ, පාසැල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු  මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා කළේය.

මෙම ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර මේ වන විට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ඒ ඒ පාර්ශ්ව වල අදහස් ලබාගැනීම සිදු විය.

මෙහිදී ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, ත්‍රී රෝද රථ සංගමය, පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ඇතුළු ප්‍රවාහන සේවා නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉන්ධන මිල ඉහළ යාම, වාහන ආනයනයට පනවා ඇති සීමා සහ වාහන අමතරකොටස් සම්බන්ධයෙන් පනවා ඇති සීමා හේතුවෙන් ඔවුන්ට දැඩි අපහසුතාවන්ට මුහුනපෑමට සිදු වී ඇති බවයි. විශේෂයෙන්ම වාහන ටයර ඇතුළු අමතර කොටස් වල මිළ 300% පමණ ඉහළ ගොස් ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ. එසේම වාහන අමතරකොටස් හිගය හේතුවෙන් බස් රථ, පාසැල් වෑන් රථ සහ ත්‍රී රෝද රථ ඇතුළු ප්‍රවාහනය සඳහා භාවිත වන රථ වාහන අඩුවෙමින් පවතින බවද මෙම නියෝජිතයෝ පෙන්වා දුන්හ. 

මෙහිදී මෙම සියලු තත්ත්යන් පිළිබඳ අවධානය යොමු කරමින් යෝජනා කිහිපයක් කමිටුව විසින් ඉදිරිපත් කරන බව අනු කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ අනුව වැදගත් යෝජනාවක් ලෙස මගී පහසුව ඇති කිරීම සඳහා මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම යෝජනා කරන බව ඒ මහතා පැවසීය. මේ අනුව මෙම සියලු යෝජනාවල එකතුවක් දෙසැම්බර් මස ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Previous articleජනපතිගෙන් සියලු පක්ෂ වලට ආරාධනාවක්
Next article‘අවසර අරන් ඕන තරම් පෙළපාලි යන්න’ – ජනපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here