Home අද රටට අහිමිවන ඩොලර් බිලියනයක් ගැන අනාවරණයක්

රටට අහිමිවන ඩොලර් බිලියනයක් ගැන අනාවරණයක්

722
0

මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ අපනයනයන් සිදුව තිබුණද එම සියලු මුදල් රටට නොලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද(23දා) පාර්ලිමේන්තුවට පැවසීය.

එම මුදල් ප්‍රමාණයෙන් රටට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 170 ක පමණ සුළු මුදලක් පමණක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.  අපනයන හරහා ලැබෙන මුදල් දින 180 ක් තුළ රටට ගෙන ආ යුතු බවට නීතියක් තිබුණද එම මුදල් රටට නොලැබෙන බවද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර අපනයනය සඳහා ආණ්ඩුව අයකරන බදු ප්‍රමාණය 0.025% ක්  බවද මෙවර අයවැයෙන් එය 2.5% දක්වා ඉහළ දමා ඇති බවද අමාත්‍යවරයා කීවේය.

කෙසේවෙතත් ලබන වසර තුළදී මෙම ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 500 වඩා රටට ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

Previous articleලාන්සාට ගහන්න ගිය චමින්දව පාර්ලිමේන්තුවෙන් දොට්ට දමයි
Next articleමම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here