Home අද අපි ක්‍රමාණුකූලව හිස ඔසවනවා – තවදුරටත් වැරදි තීන්දු ගැනීමට හැකියාවක් නැහැ

අපි ක්‍රමාණුකූලව හිස ඔසවනවා – තවදුරටත් වැරදි තීන්දු ගැනීමට හැකියාවක් නැහැ

745
0

රටේ ආර්ථිකය ස්ථායී නොකළහොත් ලබන වසරේ මාර්තු පමණ වනවිට තත්වය ඉතා දරුණු විය හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද(22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය දෙවැනිවර කියවීමේ  විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මෙසේද පැවසීය,

“රටේ ආර්ථිකය ස්ථායි උනොත් පමණයි රටේ අනාගතය ස්ථායි වෙන්නේ. ඒ නිසා අපිට තවදුරටත් අඩුපාඩු වැරදී තීන්දු ගැනීමට හැකියාවක් නැහැ. අපි ක්‍රමාණූකූලව හිස ඔසවන අවස්ථාවක් මේක. මේ යන තත්වය වෙනස් කරන්න හැදුවොත් ජනප්‍රිය තීරණ ගන්න ගියොත් මාර්තු අප්‍රේල් මැයි ජුනි වල රට තිබුණු තත්වයට වඩා දරුණු තත්වයකට පත්වෙනවා. ඒ නිසා සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා.  ඒ නිසා වර්තමානයේ රටේ මිනිසුන් දෙස බලා තීන්දු තීරණ ගැනීම වැදගත් වෙනවා. වත්මන් රජය තීන්දු ගන්නේ නැවත රට අනතුරේ දාන්නේ නැති වෙන්න. ඒගමනේදී හොද යෝජනා තිබෙනවා නම් ආණ්ඩුව ඒවා පිළිගන්න සූදානම්. ඒ යෝජනා ලබාදෙන්න.

අසීරු අඩියක ඉන්න රට ගොඩනැගීමට රජය සහ නිලධාරීන් ගන්න තීන්දු වලදී ඒවාට ශක්තිය ලබාදීම වැදගත්වෙනවා. ඒවගේම වර්තමාන රජය ගෙනියන වැඩපිළිවෙල තුළ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක උවහොත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නොවේවි.

මේ අයවැය ලේඛණය තුළ ඉදිරිපත් කරන අලුත් ආර්ථික ක්‍රමවේදය තුළ 2024 දක්වා යාමට අවශ්‍ය පදනම සකස්වෙනවා. ඒවෙනුවෙන් කටයුතු කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.” යැයි පැවසිය.

Previous article75වෙනි නිදහස් දිනයට ජනාධිපති නොමිලේ දෙන දේ
Next articleරාජ්‍ය අංශය හැකිලිය යුතුයි. මේක නඩත්තු කරන්නත් බෑ, කළමණාකරනය කරන්නත් බෑ – අනුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here