Home අද ප්‍රශ්න අභියෝග වලට මුහුණ දෙන එක අපේ ප්‍රතිපත්තිය – අපි ජනතාව අත...

ප්‍රශ්න අභියෝග වලට මුහුණ දෙන එක අපේ ප්‍රතිපත්තිය – අපි ජනතාව අත ඇරලා පලා ගියේ නෑ – මහින්ද

548
0

සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මේ අතර වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ප්‍රශ්න අභියෝග වලට මුහුණ දීම එක තම ප්‍රතිපත්තිය කිසිවිටෙකත් ජනතාව අතහැර තමා පළා නොයන බවයි.

“ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් නව ආර්ථිකයක් නිර්මාණය කරන බව අයවැයෙන් පෙන්වා දුන්නා. එවැනි ආර්ථිකයක් බිහි කරන්නම් අපි කළ යුතු දිගු කාලීන හා කෙටි කාලීන කටයුතු රැසක් තියෙනවා. මේ හැමදේම අපි තේරුම් ගත යුත්තේ ගෝලීය ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය යථාර්ථයන් සමගයි. එවැනි උපායමාර්ගීක මාර්ගික සැලස්මක ගමන් කළොත් විතරයි අපිට සුබවාදී අනාගතයක් නිර්මාණය කළ හැකි වන්නේ. ඒ නිසා සංශෝධනයන්ට යටත්ව අපි සියලුදෙනාගේ සහයෝගය එයට ලබාදීම වැදගත්.

Previous articleරටේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
Next article75වෙනි නිදහස් දිනයට ජනාධිපති නොමිලේ දෙන දේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here