Home අද අයවැය බහුතරයෙන් සම්මතයි

අයවැය බහුතරයෙන් සම්මතයි

565
0

2023 වර්ෂය සඳහා රජය විසින් ඉදිරිපත් කළ  අයවැය යෝජනාවලිය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී බහුතර ඡන්දයෙන් අද(22දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 121 හිමිවු අතර විපක්ෂව ඡන්ද 84ක් හිමිවිය. ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැන්විය.

ඡන්ද විමසීමේදී එක් මන්ත්‍රීවරයෙක් ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැත. අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට (23) දිනයේ සිට දෙසැම්බර් 08 වන දින දක්වා දින 13ක කාලයක් පැවැත්වෙන අතර තුන්නන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.

Previous articleඉන්දියා සහ ඕස්ට්‍රේලියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය
Next articleපෘතුගාලය 2022 ලෝක කුසලානයට තරඟයක්වත් ක්‍රීඩා කිරීමට පෙර රොනාල්ඩෝ ගත් හදිසි තීරණය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here