Home අද ඉන්දියා සහ ඕස්ට්‍රේලියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය

ඉන්දියා සහ ඕස්ට්‍රේලියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය

7592
0

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා

ඒ අනුව ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසුව, ඉන්දියා-ඕස්ට්‍රේලියා ආර්ථික සහයෝගිතා සහ වෙළඳ ගිවිසුම (AI-ECTA) දෙපාර්ශ්වයම එකඟ වූ දිනයක සිට ක්‍රියාත්මක වන බව නිලධාරීන් අද නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නිදහස් වෙළඳ ගිවිසුම මඟින් ඉන්දියාවේ පුළුල් ක්ෂේත්‍ර 6,000කට වැඩි ප්‍රමාණයක් සඳහා ඕස්ට්‍රේලියානු වෙළඳපොළට තීරුබදු රහිත ප්‍රවේශය ලබා දීමට නියමිතයි.

ඉන්දියාවේ රෙදිපිළි, සම්, ගෘහ භාණ්ඩ, ස්වර්ණාභරණ සහ යන්ත්‍රෝපකරණ ද මෙම නිදහස් වෙළඳ ගිවිසුම මඟින් තීරුබදු රහිතව ඕස්ට්‍රේලියාවට අපනයනය කිරීම සඳහා ඉඩ ලැබෙනු ඇත.

Previous articleරාජ්‍ය අංශය හැකිලිය යුතුයි. මේක නඩත්තු කරන්නත් බෑ, කළමණාකරනය කරන්නත් බෑ – අනුර
Next articleඅයවැය බහුතරයෙන් සම්මතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here