Home අද නවක මන්ත්‍රී රාමනාදන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹයි

නවක මන්ත්‍රී රාමනාදන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹයි

11
0

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් ගේ ක්‍රියාකලාපය සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ අනුව ඔහු සම්බන්ධව ඉදිරියේදී පියවර ගන්නා බවත් කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා පැවසීය.

මෙම මන්ත්‍රීවරයාගේ හැසිරීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම කථානායකවරයාට කළ පැමිණිලි වලට අනුව මෙම පරීක්‍ෂණය ෂණය ආරම්භ කොට තිබේ.

නව පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කළ දිනයේ මෙම මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසූ ගැනීමත් ඔහු ජාතිවාදය අවුස්සන ආකාරයේ ප්‍රචාර සිදු කිරීමත් සම්බන්ධව පාර්ලිමේන්තු කාරක සභාව තුළ ද සාකච්ඡා කරන බව කම්කරු නියෝජය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය කෙලෙසන ආකාරයේ ක්‍රියාවන්ට කිසිවිටෙකත් ඉඩ දිය නොහැකි බව මහින්ද ජයසිංහ මහතා පැවසීය.

Previous articleපාකිස්ථානයේ ප්‍රචණ්ඩත්ව ගැටුම් ඇවිලෙයි – 80 ක් මරුට
Next articleපුද්ගලික විශ්වවිද්‍යාල සිසුන් මත්කළ පිරිසක් කොටුවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here