Home අද ශිෂ්‍යත්වය ගැන රජයේ ස්ථාවරය 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

ශිෂ්‍යත්වය ගැන රජයේ ස්ථාවරය 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

46
0

විභාගයට පෙර ප්‍රශ්න කිහිපයක් හිටවූ බව කියන පසුගිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව රජයේ ස්ථාවරය ලබන 02 දා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමත් සමඟ එම විභාගය අහෝසි කරන ලෙස දෙමව්පියන් පිරිසක් ඉල්ලා සිටි අතර තවත් පිරිසක් ඉල්ලා සිටියේ පිට වූ ප්‍රශ්නවලට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය විභාගයට පෙනී සිටි දරුවන්ට ලබා දෙන ලෙසයි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධව විමර්ශනය කළ කමිටු තුනක නිර්දේශ සැලකිල්ලට ගනිමින් රජයේ ස්ථාවරය මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.

මේ අනුව ශිෂ්‍යත්ව විභාගයට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සලකා බැලීමෙන් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 18 වෙනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිට වූ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත එය පැවැත්විය හැකිදැයි සොයා බලා වාර්තා කරන ලෙස අධිකරණය මගින් විභාග දෙපාර්තමේන්තුව ඇතුළු බලධාරීන්ට දැනුම් දෙන ලදී .

ඒ අනුව මේ සම්බන්ධව අධ්‍යනය කිරීමෙන් පසු රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙලෙස දැනුම් දීමට නියමිතව ඇත.

Previous articleජනාධිපති අනුර දිසානායක විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කරයි
Next articleපුනරුද ආණ්ඩුවත් ඈවර කිරීම අරඹයි : පළවෙනි සංස්ථාව මෙන්න!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here