Home අද පුනරුද ආණ්ඩුවත් ඈවර කිරීම අරඹයි : පළවෙනි සංස්ථාව මෙන්න!

පුනරුද ආණ්ඩුවත් ඈවර කිරීම අරඹයි : පළවෙනි සංස්ථාව මෙන්න!

1684
0

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ලෙස විජිත හේරත් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය හිමිව තිබේ.

විජිත හේරත් අමාත්‍යවරයා විසින් මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉකුත් 01 වනදා ඉදිරිපත් කළ අතර නොවැම්බර් මස 12 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය ලබාදී තිබේ.

ඊට අනුව සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් මිලියන 794ක මූල්‍ය ප්‍රතිපාදනයක් මහා භාණ්ඩාගාරය මඟින් එම සංස්ථා සේවකයන් වෙත ලබාදීමට ද මෙම කැබිනට් පත්‍රිකාව හරහා අනුමැතිය ලබාදී ඇත.

එසේම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර ඊට අයත් වත්කම් මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීමටත් ඉතිරි කාර්යමණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත කිරීමටත් මෙම කැබිනට් පත්‍රිකාව මගින් නිර්දේශ කර ඇත.

තවද සංස්ථාව යටතේ නැවත වෙනත් කිසිදු අමතර වැය බරක් මහා භාණ්ඩාගාරය වෙත ඇතිනොවිය යුතු බවට ද අමාත්‍ය මණ්ඩල සංදේශය විසින් නිර්දේශ කර ඇත.

එසේම ඒකාබද්ධ අරමුදලේ පවතින ද්‍රවශීලතාව, ජාතික අවශ්‍යතාවන් මත පදනම්ව ලබාදිය යුතු ප්‍රමුඛතාවන්, මූල්‍ය පිරිවැය පිළිබඳ සාධකයන් සලකා බලා මෙම රුපියල් මිලියන 794ක මුදල මූල්‍යමය අවශ්‍යතාවක් සඳහා අදියරගතව ලබාදීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

1971 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතකින් මෙකී රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පිහිටුවනු ලැබිණ. ඒ අනුව ජනාධිපති අනුර දිසානායකගේ පුනරුද පාලනය යටතේ ඈවර කෙරෙන පළමු සංස්ථාව බවට බොහෝ දුරට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පත්වෙනු ඇත.

Previous articleශිෂ්‍යත්වය ගැන රජයේ ස්ථාවරය 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි
Next articleහිටපු අමාත්‍ය මනූෂ ට මිනිස් ජාවාරම් චෝදනා ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here