Home අද ඇමරිකා තානාපති කාර්යාලය නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන්න – විදේශ අමාත්‍යාංශය...

ඇමරිකා තානාපති කාර්යාලය නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන්න – විදේශ අමාත්‍යාංශය ඉල්ලයි

77
0

නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස විදේශ අමාත්‍යාංශය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පසුගියදා අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් මස 23 වැනිදා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ආරුගම්බේ ප්‍රදේශය ඇතුළු මෙරට සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේය.

එහිදී ඔවුන් පෙන්වාදුන්නේ නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස මෙරට සිටින එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවය.

අදාළ නිවේදනයෙන් අනතුරුව තවත් රටවල් කිහිපයක් එම රටවල පුරවැසියන්ට මෙම කලාපවල සංචාරය කිරීමෙන් වළකින ලෙසත් ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමුකරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම තත්ත්වය හමුවේ රජය එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගත් අතර බුද්ධි අංශ යොදවා එහි ආරක්ෂක කටයුතු නිරන්තරයෙන් සොයා බැලීමට පියවර ගත්තේය.

ඒ අනුව මේ වන විටත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙයි.

මෙම තත්ත්වය හමුවේ පසුගිය ඉරිදා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු සදහන් කළේ අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවය.

Previous articleදැනෙන්න අඩුකරන විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සතියේ උපයෝගිතා කොමිසමට
Next articleවනිඳුට නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය අහිමි වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here