Home අද අනුරගේ ආණ්ඩුවේ වැඩ නිසා විදේශ ණය සහනය රටට අහිමි වීමේ අවදානමක් ගැන...

අනුරගේ ආණ්ඩුවේ වැඩ නිසා විදේශ ණය සහනය රටට අහිමි වීමේ අවදානමක් ගැන හිටපු ජනපති කියයි

41
0

රාජ්‍ය සේවක වැටුප වැඩි කරන උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලබන සිකුරාදාට පෙර ප්‍රකාශ නොකළොත් ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සහාය දෙන්නේ කුමටදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කර සිටියා.

ඒ කළුතර දී පවතී ජන හමුවක් අමතමින්

උපයන විට ගෙවන බද්ද අය කරන සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව දුන් පොරොන්දුව ද අමතක නැතැයි කී රනිල් වික්‍රමසිංහ මහතා එක තැනක බදු අඩු කරන විට තව තැනක බදු පනවන්නට සිදුවන බව මොවුන් ජනතාවට ප්‍රකාශ නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

ලංකාවට ගෙවීමට ඇති විදේශ ණයෙන් සියයට විස්සක් තම රජය විසින් අඩු කර තිබෙන අතර අනුරගේ ආණ්ඩුවේ වැඩ නිසා එම සහනය රටට අහිමි වීමේ අවදානමක් පවතින බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගෑස් සිලින්ඩරය යටතේ තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කළුතර පැවති ජන හමුවට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Previous articleරැඳවියන්ට දුරකතන විකුණා මාට්ටු වූ මැගසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්ගේ සහ ගබඩා භාරකරුගේ වැඩ තහනම්
Next articleවෛද්‍ය සාෆි සියලු චෝදනාවලින් නිදහස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here