Home අද වෛද්‍ය සාෆි සියලු චෝදනාවලින් නිදහස්

වෛද්‍ය සාෆි සියලු චෝදනාවලින් නිදහස්

113
0

මව්වරුන් හාරදහසක පමණ පිරිසකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා එල්ල වී තිබු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න අද නියම කළා.

වෛද්‍යවරයාට එරෙහිව ගොණු කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වීම සැලකිල්ලට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව නිදොස් කොට නිදහස් කරන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

ඒ සම්බන්ධයෙන් 2019 වසරේ මැයි 25 වෙනිදා කුරුණෑගල එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව අදාළ කාන්තාවන් විත්තිකාර වෛද්‍යවරයාගේ සැත්කම් නිසාම වඳ භාවයට පත්ව ඇති බවට සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී නොමැති බවද මහේස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

Previous articleඅනුරගේ ආණ්ඩුවේ වැඩ නිසා විදේශ ණය සහනය රටට අහිමි වීමේ අවදානමක් ගැන හිටපු ජනපති කියයි
Next articleසාමාජ ක්‍රියාකාරකම් සඳහා යළි ගාලු මුවදොර පිටිය ලබාදීමට කැබිනට් අනුමැතිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here